හැකරුන් හොරකම් කළ ඩොලර් මිලියන දෙකහමාර අපි තවම හොයනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

June 17, 2026 at 9:32 am | by emanisa.lk

මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් යම්කිසි වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“ඒ පිළිබඳව අධිකරණයටත් අපි කරුණු වාර්තා කර තිබෙනවා. ඒ වගේම පරිගණක අපරාධවලට අදාළ සියලුම අංශ මේ ගැන පරීක්ෂණ කරමින් ඉන්නෙ.

එක, මේකට සම්බන්ධ කවුද කියන එක, අපේ නිලධාරීන් සම්බන්ධයිද? දෙක, මේක වුණේ කොහොමද? තුන, මේවා රිකවර් කරගන්නෙ කොහොමද? මහ බැංකුව පැත්තෙන් සහ ඒකට අදාළ කරන අනෙකුත් ආයතන පැත්තෙන් කියන දෙපැත්තෙන්ම ඒකට කටයුතු කරගෙන යනවා.”

ඇමති නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *