හැංගිලා හිටි දේශපාලනඥයින්ට වේදිකා හැදුවේ අරගලකාරයෝ…! – අසේල සම්පත්….

September 20, 2022 at 3:30 pm | by emanisa.lk

පාරට බැසිය නොහැකිව සිටි දේශපාලනඥයින්ට යළි කයිවාරු ගැසීමට පාර කපා දුන්නේ අරගලකරුවන් බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් චෝදනා කරයි.

සර්වපාක්ෂික නිර්පාක්ෂික ආදී ලේබල් ගසා ගෙන 225ම එපා යැයි කියා අරගල පිරිස අවසානයේ දේශපාලනඥයින් ළඟ දණ ගැසූ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

පොදු වැසිකිළියකට යාමට නොහැකිව සිටි දේශපාලනඥයින්ට විවිධ සම්මන්ත්‍රණ සඳහා ආරාධනා කරමින් නැවත කළඑළි බැසීමට අවස්ථාව ලබා දුන්නේ අරගලකරුවන් නමින් පෙනී සිටි අය බවයි, අසේල සම්පත් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *