වර්තමාන සහල් අර්බුදයට ජාතික ජන බලවේග ආණ්ඩුව වගකිව යුතු නැති බව අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.
මෙම අර්බුදය නිර්මාණය කළේ 76 වසරක් තිස්සේ රට පාලනය කළ සිය සොහොයුරා ද ඇතුළු සියලුම පාලකයන් බවයි, ඔහු ප්‍රකාශ කළේ.
අර්බුදයට හේතුව කන්නයකට නාඩු සහ කන්නයට කීරි සම්බා වගා කිරීම බවත් එය ක්රමානුකූල කරන ලෙස සෑම රජයකින්ම ඉල්ලීම් කළ ද ප්‍රතිඵලයක් අත්නොවූ බව ද ඩඩ්ලි සිරිසේන පෙන්වා දෙයි.
නියමිත ප්‍රතිශතය අනුව වගා නොකළහොත් ඉදිරි කන්නයේ දී නාඩු හාල් තිබුණ ද කීරි සම්බා හිඟයක් ඇති වනු ඇතැයි ද ඔහු අනාවැකි පල කළේය.
අද (02) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඩඩ්ලි සිරිසේන මේ බව කීය.