අද මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නැතැයි හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන පවසයි.
බදුලු පුස්තකාල ශ්රවනාගාරයේ දී බදුලු ශ්රීලනිප සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ය.
“ඔළුවේ ප්රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුළු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේ දී රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ. තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා.
මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන් පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි.
මම ප්රජාත්රන්ත්රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලු ම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්රම සංශෝදනය ගෙනත් රටේ ප්රජාත්රන්ත්රවාදය ඇති කළා. මම දුෂණයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුණා.
විදුලිය, ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්, ගෑස්, විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා. ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා. මුළු රට ම අද කඳුලින් ඉන්නේ. බලයේ ඉන්න අයට ඒවා තේරෙන්නේ නෑ.”