පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සතුව ඇත්තේ හොර ආචාර්ය උපාධියක් බව ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසයි.
ඇමරිකාවේ මිනසෝටා විශ්වවිද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබාගත් බව හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ ද අසත්‍යයක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එපමණක් නොව තමන් හර්ෂ ද සිල්වාගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පවා ප්‍රශ්න කළ ද ඒ කිසිවක් සඳහා මෙතෙක් හර්ෂ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද කීර්ති රත්නායක සඳහන් කරයි.
කෙසේ වුව ද හර්ෂ ද සිල්වාගේ මිත්‍රයෙකු තමාට කතා කොට අදාළ ප්‍රවෘත්තිය ඉවත් කර ගත හැකි දැයි විමසා සිටි බවයි, හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.
youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.