අපි රැකෙන්නේ අවසානයේ ඇමරිකාව නිසයි….! ලක්ෂ 06ක් ජීවිත රැකදුන් ඇමරිකාවට ස්තූතියි…! – හර්ෂ ද සිල්වා….

June 4, 2021 at 11:49 am | by emanisa.lk

ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබාගත් ශ්‍රී ලංකාවේ ලක්ෂ 06ක පිරිසක් බේරා ගැනීම සඳහා ඇමරිකාව ඉදිරිපත් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ලංකාවේ මෝඩ තීන්දු හමුවේ අනතුරට පත් ජනතාව වෙනුවෙන් ඇමරිකාව ගත් තීන්දුව සම්බන්ධයෙන් ස්තූතිවන්ත විය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කොවිඩ් මර්දන එන්නත් මිලියන 7ක් ආසියානු කලාපයේ කොවිඩ් තර්ජනයට ලක් වී ඇති රටවල් අතර කඩිනමින් බෙදාහැරීමට ඇමරිකා එක්සත් ජනපද රජයේ අනුමැතිය ලබා දී ඇති බව ධවල මන්දීරය නිවේදනය කිරීමත් සමඟ හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

ඒ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය සහ පැසිෆික් දූපත් අතර ඇමරිකානු එනන්ත් ලබා දීමට නියමිත ය.

මෙයට අමතරව වේගයෙන් කොවිඩ් වෛරසයට ගොදුරු වෙමින් ඇති ශ්‍රී ලංකාවට, පාකිස්තානයට සහ මාලදිවයිනට USAID වැඩ සටහන යටතේ ප්‍රධානය කරන වෛද්‍යාධාර තොගයක් ගුවනින් ඊයේ දිනයේ පිටත් කළ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිවේදනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස