උසස් හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සඳහා රෙදි ගෙන එන්නේ ප්රංශයෙන් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.
එසේ ම පසුගියදා උසස් හමුදා නිලධාරියෙකුගේ දියණිය සහ බිරිඳ කොළඹ Cool Planet වෙත රැගෙන ආ හමුදා නිල රථයක් පැයකට අධික කාලයක් වායු සමීකරණ නොනවත්වා රථ ගාලේ තබා ගෙන සිටි බවත් හෙතෙම සඳහන් කරයි.
හමුදා නිලධාරීන්ගේ පවුල්වලට වාහන, රියදුරන්, ඉන්ධන ලබා දීම වෙනුවෙන් ද මේ රටේ ජනතාවට බදු මුදල් ගෙවීමට සිදුව ඇතැයි හෙතෙම චෝදනා කරයි.
පැලවත්තේ 1/4ක් පමණක් ඉදිකළ නව හමුදා මූලස්ථානයේ විදුලි බිල මිලියන 30ක් බවත් එය සදා නිම කළ විට විදුලි බිල මිලියන 120ක් බවත් රාසමානික්කම් ප්රකාශ කරයි.