හමුදාව කොවිඩ් මරණ සාමාන්‍ය මරණ කරනවා…! කොවිඩ් ආසාදිත සංඛ්‍යා ලේඛන විකෘති කරනවා…! – රාජිත…

August 17, 2021 at 8:27 pm | by emanisa.lk

රට පුරා කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සංඛ්‍යා ලේඛන රැස් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය නොව හමුදා නිලධාරියෙකු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

කිසිවෙකු කොවිඩ් ආසාදිතව මළ විට එම නිවසේ අයගෙන් අදාළ පුද්ගලයාට දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග ආදිය තිබුණු බවට ඔවුන් විසින් කටඋත්තර ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එමගින් 180ක් පමණ වන කොවිඩ් මරණ 150 පමණ දක්වා පහත හෙළන බවට රාජිත සේනාරත්න චෝදනා කරයි.

ආසාදිතයින් පිළිබඳ සංඛ්‍යා ලේඛන ද වෙනස් කර හවසට ජනතාවට ලබා දෙන බව ඔහු සඳහන් කරයි.

අද (17) පාර්ලිමේන්තුවේ දී රාජිත සේනාරත්න මේ බව කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස