හතේ අපේ පොත වෙනුවට එකේ අපේ පොත එයි…! බාලාංශයේ සිට දරුවන්ට ලිංගික අධ්‍යාපනය…!

August 17, 2023 at 3:58 pm | by emanisa.lk

පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.

ලිංගික දැනුම ලබා දීම සඳහා පෙර පාසල් දරුවන්ට මෙන්ම සෙසු ශ්‍රේණිවල සිසුන්ට අදාළව පොත් දාහතරක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් මේ වන විට සකස් කෙරෙමින් පවතී. වෛද්‍යවරු, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ඒ සඳහා සහය දක්වති.

සියලුම දරුවන් වෙනුවෙන් එකවර පොත් මුද්‍රණය කිරීම අසීරු හෙයින් ප්‍රථමයෙන් ම අන්තර්ජාලය ඔස්සේ පොත පරිශීලනයට සිසුන්ට අවස්ථාව දෙන බවත් පොත් මුද්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතනවල සහය ලබා ගන්නා බවත් සභාපතිනී රෝහිණී කුමාරි විජේරත්න කීවාය.

ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බව ද සභාපතිවරිය කීවාය. ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා 2019 වසරේ දී හත්වැනි ශ්‍රේණියේ සිසුන්ට හතේ අපේ පොතට විරුද්ධව ඇතැම් පිරිස් අදහස් පළ කිරීම නිසා එම පොත දරුවන්ගෙන් ඉවත් කිරීමට පියවර ගැනිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *