සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බැලිය යුතු තරමට ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව රට අඳුරෙන් අඳුරට ඇද දමා ඇතැයි සමගි ජනබලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.
කුප්පි ලාම්පු දැල්වීමටවත් භූමිතෙල් ටිකක් සොයා ගැනීමට නොහැකි බැවින් කණාමැදිරි එළියෙන් සෞභාග්‍යයේ දැක්ම බැලීමට ජනතාවට ඉදිරියේදී සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“මේ වන විට මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙලා නාහෙටත් උඩින් වතුර දාන මට්ටමට ඇවිත් තිබෙනවා. බඩු මිල ඉහළ ගියා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, හාල් පෝලිම්, සිමෙන්ති පෝලිම් බෙහෙත් පෝලිම් මදිවට තුන්වේලක් ආපු අය දෙවේලක් කන්න වෙලා. ඒ මදිවට අද ජනතාවට දවසට පැය හතරකට පහකට අධික ප්‍රමාණයක් අඳුරේ ඉන්නත් සිදුවෙලා.
තමන්ගේ ජනතාවට සහන දීලා ජනතාවගේ පැත්තෙ ඉඳන් කතා කරන අමාත්‍යාංශයක් හොඳින් වැඩ කරන එක ඇමතිවරයෙක් නැහැ. කෘෂිකර්ම ඇමතිවරයා කතා කරන්නේ ගොවි ජනතාව විරුද්ධවයි. වෙළඳ කටයුතු ඇමතිවරයා කතා කරන්නේ පාරිභෝගිකයාට විරුද්ධවයි. තෙල් ඇමතිවරයා කතා කරොත් කතා කරන්නේ කබලෙන් ළිපට වැටිලා ඉන්න ජනතාවට තෙල් මිල වැඩි කරන විදියටයි. මුදල් ඇමැතිවරයා ඇවිත් කතා කළොත් එක මොළයක් වෙනුවට මොල හතක් දාලා හත්පොලේ ගාගෙන. ඒ වගේ ම තමයි දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු කතා කරන්නේ.
මේ රටේ වර්තමානයේ මතුවෙලා තියෙන තත්ත්වයට එතුමා හෝ එතුමාගේ කැබිනට් මණ්ඩලය වගකියන්න ඕන නැහැ කියලා ඊට උඩින් ජනාධිපතිවරයා ඇවිත් කියනවා. අද මේ රටේ ඉන්න පොඩි ළමයා පවා සෞභාග්‍යයෙ එළිය බලන්න වෙලා තියෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. ලාම්පුතෙල් ටිකක් හොයා ගන්න බැරි නිසා ඒකෙනුත් බලන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අද කණාමැදිරි එළියෙන් තමයි සෞභාග්‍යය දැක්ම බලන්න සිදුවෙලා තියෙන්නේ.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.ජ