රෝහල්වලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ දී ඇන්ටිජන් පරීක්ෂණය තවමත් සිදු නොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත පවසයි.
මෙම තත්ත්වය රෝහල් කාර්ය මණ්ඩලවලට මෙන් ම අනෙකුත් රෝගීන්ට ද ඉතාමත් අනතුරුදායක බවත් ඔහු අවධාරණය කරයි.
මේ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩල ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කළහොත් ඉන් 1/4ක් කොවිඩ් ආසාදිත බව තහවුරු වනු ඇතැයි ද සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්වරයා සඳහන් කරයි.