සෞඛ්‍ය උපදෙස් අකුරට ම පිළිපදින්න….! ඉන්දීයාව අමු සොහොනක් කළ භයානක කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවෙයි….!

May 8, 2021 at 3:07 pm | by emanisa.lk

මෙරටින් ඉන්දියාවේ ව්‍යාප්ත වන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බව වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩි දුරටත් සඳහන් කරයි

ඊට අමතරව B.1.351 දකුණු අප්‍රිකානු වෛරස් කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇත.

එසේ ම නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්ත වන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත.
විශේෂයෙන් නල්ලුර් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මෙම ප්‍රභේදය හඳුනා ගත් බව වෛද්‍ය චන්දිම ජිවන්දර අනාවරණය කරයි.

මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ පොළොන්නරුවෙන් හඳුනා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස