සෞඛ්‍ය ඇමැතිගේ වරදක් නෑ..! විශ්වාසභංගෙ ගේන්නේ යටි අරමුණින්…! – විජිත හේරත්…

September 7, 2023 at 5:41 pm | by emanisa.lk

සෞඛ්‍ය ඇමති විශ්වාසභංගයෙන් පැරදුනහොත් ඒ තනතුර ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කෙළ හලාගෙන බලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ යටි අරමුණු ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීය.

ආණ්ඩුව සෞඛ්‍ය අර්බුදයක් නැතැයි කීමට උත්සාහ කළත් ආණ්ඩුව රටේ සෞඛ්‍ය වට්ටමින් සිටින බව කී මන්ත්‍රීවරයා, සෞඛ්‍ය ඇමතිවරයා ම ඊට වගකිව යුතු යැයි තමා කියන්නේ නැතැයි ද මෙය ආණ්ඩුවේම සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහි විශ්වාසභංගයක් බව ද සඳහන් කළේය.

අද වන විට හිතාමතා සෞඛ්‍ය පද්ධතිය කඩා වට්ටවනවාද යන බරපතල සැකය ජනතාවට ඇතිවී තිබෙන්නේ යැයි කී විජිත හේරත්, ජනතාව ආණ්ඩුවේ රෝහල්වලට යාම නතර කළොත් අයි.එම්.එෆ් න්‍යාය පත්‍රයට අනුව පෞද්ගලීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *