කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය එයි..! රාජිත මුලින් ම අත්සන් තබයි..!

July 20, 2023 at 1:04 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.

ඒ, වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවූ බවට චෝදනා කරමිනි.

රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මේ වන විට විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(20) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *