එළඹෙන දෙසැම්බර් 01 වෙනිදා විශ්‍රාම යන ප්‍රීති පද්මන් සූරසේන තව දුරටත් තබා ගැනීම සඳහා ගෙන එන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය නොව සූරසේන සේවා දිගු ව්‍යවස්ථා සංශෝධනය බව විනිවිද පදනමේ මහ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
ඩොලර් බිලියනයක් රටට වන්දි ලැබිය යුතු බවට ලැබුණු ශ්‍රේෂ්ඨාධීකරණ එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව, එය ලියූ යසන්ත කෝදාගොඩ විනිසුරු මණ්ඩලයෙන් ඉවත් කර ඩොලර් මිලියනයක් ලැබෙන සේ වෙනස් කිරීමට කටයුතු කළේ අගවිනිසුරු සූරසේන බවටද ඔහු චෝදනා කරයි.
ධීවරයන් 17 000කට ලැබිය යුතු වන්දි අති විශාල වන්දි මුදලක් මෙම තීන්දුව නිසා අහිමි වූ බවද ඊට වගකිව යුත්තේ අගවිනිසුරු සූරසේන බවද නාගානන්ද පවසයි.
22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මූලික හේතුව මෙම දූෂණ චෝදනාවට තමන් හසු වනු ඇතැයි අනුර දිසානායකට සහ ප්‍රීති පද්මන් සූරසේනට පවතින බිය බවද නාගානන්ද කොඩිතුවක්කු අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මේ බව ප්‍රකාශ කරයි.