ජනාධිපතිවරණයේ දී වැඩි ම මැතිවරණ කොට්ඨාශ ප්‍රමාණයක් දිනා ගන්නා ජයග්‍රාහකයා ජනාධිපති ධූරයට පත් කළ යුතු බවට තමා යෝජනා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.
එසේ ම ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය එක ම දිනයක පැවැත්වීමේ අවශ්‍යතාව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
එසේ ම එක රටක් එක නීතියක් යන සංකල්පය මත ක්‍රියාත්මක වන්නේ නම් ඒ ඒ පළාත්වලට වෙන වෙන ම නීති පැනවිය හැකි පළාත් සභා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.
නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත සිය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.