සුසිල්ගෙන් ගැලවූ ඇමැතිකම එස්.බී. එපා කියයි…!

January 8, 2022 at 2:36 pm | by emanisa.lk

සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම සමග හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය භාර ගැනීම ධුරය එස්.බී. දිසානායක ප්‍රතික්ෂේප කර තිබේ.

මන්ත්‍රීවරයා අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ඊට හේතු ගණනාවක් එස්.බී. දිසානායක රජයේ ඉහළ තැන්වලට දන්වා ඇතත් ඒ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *