කොළඹ ගම්පහ සුරාසැල් විවෘත කරන්න අවසර ඉල්ලයි! අවසර නොදුන්නොත් නඩු මගට!

May 26, 2020 at 9:03 am | by emanisa.lk

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලයලත් සුරාසැල් විවෘත නොකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව සුරා අලෙවිකරුවන්ගේ සංගමය සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක් යොමු කර තිබේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර අනෙකුත් දිස්ත්‍රික්කවල බලයලත් සුරාසැල් මේ වන විට විවෘත කිරීමට අවසර ලබාදී තිබේ. එවැනි අවසරයක් නොලැබුණහොත් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවැරීමටද සුරා අලෙවිකරුවන් තීරණය කර ඇති බව එම එන්තරවාසියෙන් දැනුම් දී තිබේ.

අද (26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඉවත් කෙරුණත් බලයලත් සුරා අලෙවිසල් විවෘත කිරීමට මෙතෙක් අවසර ලබාදී නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් එම දිස්ත්‍රික්ක දෙකෙහි සුපිරි වෙළෙඳසල්වලට සුරාව අලෙවියට අවසර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස