සුද්දාගේ දංගෙඩියට යන්න කැමති රණවිරුවෝ මාලිමාවට කතිරේ ගහන්න…! – දිලිත්…

September 2, 2024 at 8:14 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම යුද සමයේ පාර්ලිමේන්තුවේ සිටිමින් යුද විරෝධී මතවාදය නියෝජනය කළ බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

ඔහු අවධාරණය කළේ, 2008 අයවැය පරාජය කිරීම සඳහා ඔවුන් දියත් කළ කුමන්ත්‍රණය සාර්ථක විනි නම් අද අප ජීවත් වන්නේ තවමත් යුද වදින නැත්නම් දෙකඩ වූ රටක බවත් මේ තිදෙනාට ම ඇඳුමක් ඇඳගෙන රණවිරුවන් පිළිබඳ කතා කිරීමට හැකියාවක් පවා නොමැති බවත්ය.

පිටු දෙසීය ගණනක් දිග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ම රණ විරුවන් දංගෙඩියට යවන බව ලියා ඇති දේශද්‍රෝහීන්ට ඡන්දය දෙන්නේ කුමන රණවිරුවා දැයි දිලිත් ජයවීර ප්‍රශ්න කරයි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වන පිටුව කියවා සුද්දාගේ දංගෙඩියට යෑමට කැමති රණවිරුවන් ඔවුන්ට ඡන්දය ලබා දිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

නොඑසේ නම් රණවිරුවන් පාවා දීමේ මෙම මෙහෙයුමට එරෙහිව තමන් සමග එකතු වන ලෙස සියලුම රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද දිලිත් ජයවීර සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (02) කොළඹ පැවැති රණවිරු හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *