තහනම් සටන් ශිල්පයක් වූ අංගම්පොර සටන් කලාව සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ඊයේ (13) කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් අංගම්පොර සටන් කලාව තහනම් කළ අතර ස්වදේශීය සංස්කෘතික අංගයක් වූ අංගම්පොර සටන් කලාව සංරක්ෂණය කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම තහනම ඉවත් කිරීමට 2019 වර්ෂයේ දී කැබිනට් අනුමැතිය හිමිවිය.
කෙසේ වෙතත් මෙතෙක් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී තිබුනේ නැත.