සුජීව සේනසිංහ කියන්නේ සජිත්ගේ කුළී මඩ ගහන්නෙක්…! – හඳුන්නෙත්ති…

February 14, 2023 at 1:12 pm | by emanisa.lk

සුජීව සේනසිංහ යනු ජාතික ජන බලවේගයට මඩ ගැසීම සඳහා සජිත් ප්‍රේමදාස කුළියට ගත් පුද්ගලයෙකු බව ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එවැනි පුද්ගලයින් වේදිකාවේ තබා ගෙන තම පාලනයක් යටතේ හොරු අල්ලනවා යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කළ නොහැකි බවයි, හඳුන්නෙත්ති සඳහන් කළේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ තමා පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධූරය දරමින් බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන විට පෙත්සම් කාරක සභාවේ සභාපති ධූරය දැරූ සේනසිංහ ඉන් ඉවත්ව මන්ත්‍රී වේලුකුමාර් බලහත්කාරයෙන් ඉවත් කොට එහි සාමාජිකයෙකු ලෙස පැමිණි බව ද සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේය.

බැඳුම්කර වංචාව යටපත් කරන්නට කළ හැකි සියල්ල කොට අවසානයේ එවැනි වංචාවක් නොවූ බවට සුජීව සේනසිංහ පොතක් ලියූ බවත් ඔහු කීවේය. තව ටික දවසකින් මෙවර ජවිපෙට මඩ ගහන කොන්ත්‍රාත්තුවේ වටිනාකම දැනගත හැකි වනු ඇතැයි ද සුනිල් හඳුන්නෙත්ති කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *