සුජීවගේ නිවස වලානෙන් වටලයි.. කොටි ඇඳුම් වාහන සොයා ගේ පීරයි… සුජීව නඩු යන්න සූදානම්..!

November 5, 2024 at 5:49 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි නිවස පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (05) හදිසි සෝදිසි කිරීමට ලක්කර තිබේ.

ඒ එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කරන ලද නිල ඇඳුම් කොටස් සහ වාහනයක් සඟවා ඇත්ද සොයා බැලීම සඳහායි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම පොලිස් නිලධාරීන් කණ්ඩායම නිවස වෙත ගොස් සෝදිරි කිරීමක් කර ඇත.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නැති අතර සේවකයෙකු පමණක් සිට ඇති අතර පැය දෙකක පමණ කාලයක් අදාළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර සේවකයාගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

මේ අතර අද මාධ්‍ය හමුවක් අමතමින් සුජීව සේනසිංහ සඳහන් කළේ මෙය සිය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන ඊට එරෙහිව අධිකරණයට යන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරුන් ද තමා විසින් විවේචනය කළ ද මෙවැනි සිදුවීමකට මුහුණ නොදුන් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *