සීෂෙල්ස්හි ලංකා හොස්පිට්ල් දිගට ම පාඩුයි…! 2019 ශුද්ද පාඩුව ලක්ෂ 112යි…! වසා දමයි…!

January 4, 2021 at 8:25 am | by emanisa.lk

සීෂෙල්ස්හි පවත්වාගෙන ගිය ලංකා හොස්පිට්ල් ශාඛාව දිගින් දිගට ම අලාභ ලැබීම හේතුවෙන් වසා දමා තිබේ.

මෙම රෝහල් ශාඛාව 2019 වසරේ ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් එක් කෝටි එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික යැයි විගණකාධිපතිවරයා ද අනාවරණය කර ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරය මෙන් ම කොවිඩ් වයිරස ව්‍යාප්තිය ද ශාඛාවේ මෙහෙයුම් අහිමි වීමට බලපෑ බව ද මෙම තත්ත්වය යටතේ සීෂෙල්ස් රෝහලට අත්‍යවශ්‍ය සැපයුම් පවත්වා ගැනීමට නොහැකි වු බව ද කළමනාකාරිත්වය සඳහන් කරයි.

මෙම ශාඛාව ආරම්භ කර ඇත්තේ 2018 වසරේ ජුනි මාසයේ දීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම වසරේ ඔක්තෝබර් මස 8 වැනිදා එය නිල වශයෙන් විවෘත කර ඇත.

මෙම රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයක්, සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සේවාවන්, විශේෂ වෛද්‍ය සේවා, ඖෂධහල් මෙන්ම රසායනාගාර සේවා ද ක්‍රියාත්මක විය. මෙම රෝහල කළමනාකරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ලංකා හොස්පිට්ල්හි ජාත්‍යන්තර රෝගී සත්කාර සේවාව විසිනි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ ආයෝජනයක් කිරීමට පෙර නිසි ඇගයීමක් කළ යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *