සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති.
සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300 – 325 දක්වා ඉහළ යනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වුව ද සීනි බද්ද වැඩි කිරීමට දින දෙකකට පමණ පෙර ප්‍රධාන පෙළේ සීනි ආනයනයකරුවෙක් සත විසිපහේ බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන් 8000ක් ආනයනය කර ඇතැයි පිටකොටුව තොග වෙළෙදපොළෙන් වාර්තා වේ.
සුදු සීනි ආනයනය සඳහා පැවැති රුපියල් 50 ක බද්ද 2020 ඔක්තෝබර් 14 දා රජය විසින් ශත 25 දක්වා අඩු කළ අතර ඒ හේතුවෙන් ගත වූ වසර තුන තුළ රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.