සිසුවෙක් පාසලේ කසිප්පු විකුණයි…!

September 26, 2023 at 6:43 pm | by emanisa.lk

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙක් පාසලේ කසිප්පු අළෙවි කරමින් සිටිය දී ගුරුවරියකට හසු වී කලවාන පොලිසියට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

එම සිසුවාට තදින් අවවාද කර මුදා හැරීමට පොලිසය කටයුතු කර තිබේ. මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.

එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්පවල දමා ඉහළ පන්තිවල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *