සිස්ටම් චේන්ජ් කියන්නේ අපි වගේ සෙලිබ්‍රිටීස්ලා පෝලීමේ ගිහින් වැක්සිං ගහන එකයි….! – පේෂල…

May 12, 2021 at 9:54 pm | by emanisa.lk

System Change යනු සිය මුහුණ පෙන්වා පෝලිමේ නොසිට කොවිඩ් එන්නත විද ගැනීම නොවන බව ජනප්‍රිය නිවේදකයෙකු මෙන් ම ගායකයෙකු ද වන පේෂල මනෝජ් පවසයි.

සාමාන්‍ය ජනතාව සමඟ පෝලිමේ ගොස් එන්නත විද ගැනීම සිස්ටම් චේන්ජ් බව ඔහු ප්‍රකාශ කරයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මනෝජ් මේ බව ප්‍රකාශ කර තිබේ.

පේෂල මනෝජ් පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටි කලාකරුවෙකු ද වෙයි.

System Change යනු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ජනප්‍රිය සටන් පාඨයකි.

කෙසේ වුව ද ඔහුගේ මෙම සටහන සමාජමාධ්‍යවල දැඩි ලෙස උපහාසයට ලක් කරමින් ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස