රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තුවාල ලබා තිබේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙකි.
ඔහු තවත් පිරිසක් සමග රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී අද (29) අලුයම 4.45ට පමණ මෙම අනතුරට මුහුණදී තිබිණි.
මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහු එම ස්ථානයෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.