සිරසට කැමැති දෙයක් කියන්න පුළුවන්….! මහාරාජ බිය කරන්න ජනාධිපතිට අයිතියක් නෑ…! – අනුර…

March 21, 2021 at 4:47 pm | by emanisa.lk

ගම සමඟ පිළිසඳර මාධ්‍ය මෙහෙයුමක් බවට පත්ව ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

“සෑම සෙනසුරාදාවකම ‘ගම සමග පිළිසඳරක්’ පවත්වා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා යැයි කියන මාධ්‍ය මෙහෙයුමක් දියත්කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා කරන්නේ ඒ සතියේ ආණ්ඩුවට එල්ලවී තිබෙන චෝදනා, විවේචනයන් පිළිබඳව පිළිතුරු සැපයීම සහ ඔහුගේ අඬෝවැඩියාව ඉදිරිපත් කිරීමේ සංදර්ශනයයි. ජනතාවගේ ගැටලුවලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔහු මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව අඳෝනා නැගීමයි කරන්නේ.

හැබැයි ඒක අඳෝනාවක් පමණක් නොවෙයි, යම් බිහිසුණු චිත්‍රයක් තිබෙන බව පේනවා. ඊයේ දිනයේදී එතුමා විසින් කළ ප්‍රකාශ අතර, විශේෂයෙන් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දෝෂාරෝපණ හා තර්ජනයන් එල්ලකර තිබෙනවා. “ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕනෑ නම් උගන්වන විදිහත් මම දන්නවා. මාධ්‍ය නිදහස මම දීලා තිබෙනවා. මාස 14ක් මම පාලනය කළා. නමුත් කිසිම මාධ්‍යයකට මම කිසිම බලපෑමක් කරලා නැහැ.” ඔහු බලපෑමක් කරලා නැහැ කියනවා.

ඒකෙන් ඔහු ගම්‍ය කරන්නේ බලපෑමක් කරන්න අයිතියක් තියෙනවා කියලා. නෑ ඔහුට එහෙම අයිතියක් නැහැ. ජනාධිපතිවරයාට මාධ්‍ය ආයතනවලට බලපෑම් කරන්න හෝ මාධ්‍ය ආයතන බියවද්දන්න අයිතියක් නැති බව ජනාධිපතිවරයා පළමුවෙන්ම තේරුම් ගන්න ඕනෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *