සියලු විදුලි ගාස්තු පහළට..! අඩු වෙන හැටි මෙන්න…!

March 4, 2024 at 7:40 pm | by emanisa.lk

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එය සියයට 33.3ක අඩු වීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වාදෙයි.

මහජන උපයෝගීතා කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ අද(04) මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බවය.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇත. එසේ ම ඒකක 61ත් 90ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අතර ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර තිබේ. එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *