සියලු මැති ඇමැති වැටුප් මාස 06කට කොවිඩ් මර්දන සටනට බැර කරනු…! – හේෂා විතානගේ….

September 4, 2021 at 10:06 pm | by emanisa.lk

කොවිඩ් මර්දන සටනට සජිත් අනුර ප්‍රමුඛ විපක්ෂ නායකත්වය එකතු කරගතහොත් අපි තමයි හොඳටම කොරේ කියා කීමට බැරි වනු ඇතැයි ආණ්ඩුව බියට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ විපක්ෂ කණ්ඩායම් ද එකතු කරගෙන දේශපාලන ව්‍යාපෘතිවලින් තොර කොවිඩ් මර්දන සටනක් දියත් නොකළහොත් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට පොරොන්දු වී පැමිණෙන පිරිසක් හෙයින් සියලු මැති ඇමැතිවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද මාස 06ක් සඳහා කොවිඩ් මර්දන වැඩසටහන් වෙනුවෙන් යොදා ගැනීම සඳහා කැමැත්ත ලබා ගන්නා ලෙස ද හේෂා විතානගේ ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස