ලබන 15 වනදා වන විට සිමෙන්ති හිගය අවසන් වනු ඇති බව විස්වාස කෙරෙනවා. වසංගතය ද සමග පැමිණි ගෝලීය සැපයුම් දාම බිඳී යාම පොදුවේ සියලු ආනයනික භාණ්ඩ හිගයටත්, විශේෂයෙන් සිමෙන්ති වැනි ඉදිකිරීම් භාණ්ඩ හිගයටත් බලපා තිබෙනවා.
ලංකාව සිමෙන්ති ගෙන්වන්නේ චීනයෙන් හා පාකිස්තානයෙන් වන අතර, චීනයේ බලශක්ති අර්බුදය නිසා එරට විශාල ප්‍රමාණයක් සිමෙන්ති කම්හල් මේ වන විටත් වැසී ගොස් අවසන්. එම සැපයුම් බිඳ වැටීම මෙන්ම, නැව් ගාස්තු අධික වීම ද මේ අතර සිමෙන්ති මිළ වැඩි වීම සඳහා ඍජුව බලපා ඇති කරුණුයි.
ලංකාවේ සියලු සිමෙන්ති නිෂ්පාදකයින් මේ වන විට තම උපරිම ධාරිතාවෙන් වැඩ කරමින් වෙළෙඳපොළට සිමෙන්ති නිකුත් කළ ද රට පුරා සිදුවන සංවර්ධන සංග්‍රාමය විසින් එම නිකුතුව ප්‍රමාණවත් ලෙස ගන්නේ නැහැ.
කෙසේ වෙතත්, හිගය මග හරිමින් තවදුරටත් රට තුළට සිමෙන්ති ආනයනය කිරීම සඳහා සියලු අවස්ථා මේ වන විටත් රජය විසින් පුද්ගලික අංශයට ලබා දී ඇති අතර ඒවා පැමිණීමත් සමග මිළ ද ස්ථායි කරමින් හිගය තුරන්ව යනු ඇත. මේ නිව් නෝර්මලයක ස්වභාවයයි.