සිපෙට්කෝ මාෆියා ගුහාවට වැට නොබැඳ QR ගෙනාවත් වැඩක් නෑ…! – ඉන්ධනහල් හිමියන්ගේ සංගමය….

August 2, 2022 at 11:20 am | by emanisa.lk

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය නොව මොන ක්‍රමය ගෙනාවත් තෙල් සංස්ථාවේ මාෆියාවට වැට නොබැඳ ඉන්ධන අර්බුදයට පිළියම් සෙවිය නොහැකි බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමය පවසයි.

එම නිසා ඉන්ධන ගෙන්වීමට තවත් අයට අවස්ථාව ලබාදිය යුතු බවයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

මේ වන විට ඩොලර් ලබා දී ඉන්ධන ලබා ගැනීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතත්, එම ඩොලර් ප්‍රමාණයට අදාළ ඉන්ධන ලබා ගැනීමට සන්තෝසම් ද දීමට සිදුව ඇතැයි එහි උසස් නිලධාරියෙක් කීය.

ඇතැම් ව්‍යාපාරිකයන් ඩොලර් ලබා දී සති තුනක් පමණ ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු පැවසීය.

ඉන්දීය තෙල් සමාගම මේ වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල රුපියල් මිලියන 580 ක ලාභයක් ලබා තිබෙන අතර තෙල් සංස්ථාව දෛනිකව අලාභ ලැබීම සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකු සොයා බලා ඊට පිළියම් යොදන්නේ නැති බවත් ඔහු කියා සිටියේය.

QR කේතය ලබාදීමට කටයුතු කළත් එය සිපෙට්කෝ ඉන්ධන හල්වල සහ අයි.ඕ.සී. ඉන්ධන හල්වල එකම ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *