ගිය මාසේ ඩීසල්වලින් බිලියන 70ක් පාඩුයි..! ඛනිජ තෙල් මිල ඉහළ දැමිය යුතුයි…!

October 11, 2021 at 4:08 pm | by emanisa.lk

ඛනිජ තෙල් මිල ගණන්ද ඉහළ දැමිය යුතුව පවතින බව එම සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ පවතින මිල ගණන් යටතේ තෙල් සංස්ථාව විශාල පාඩුවක් ලබන බවකි. ඔක්තෝබර් මාසය තුළ ඩීසල්වලින් පමණක් රු. බිලියන 70ක පාඩුවක් සිදුව ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

මෙම යෝජනාව දැනටමත් අමාත්‍ය උදය ගම්මන්පිල වෙත ඉදිරිපත් කොට ඇති බව ද සභාපතිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *