ශ්‍රී ලංකා තෙල් සංස්ථාව පාඩු ලබන බවට බොරු බේගලයක් පතුරුවමින් ආණ්ඩුව එය විකුණා දැමීමට අර අඳිමින් ඇතැයි තෙල් සංස්ථා සේවකයෝ චෝදනා කරති.
තෙල් සංස්ථාව පාඩු ලබන්නේ සේවකයින් නිසා යැයි පැවසීම බොරුවක් බව පවසන ඔවුන් අවධාරණය කළේ ඊට හේතුව රාජපක්ෂ පාලනය සහ ඊට සම්බන්ධ නිලධාරීන් බවයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉතා ම අවම මට්ටමක පවතින පසුබිමක කුමන්ත්‍රණකාරී ලෙස තෙල් පිරිපහදුව වසා එක් එක් කණ්ඩායම්වලට උවමනා ආකාරයට කොමිස්වලට නිමි තෙල් ගෙන ආ බවට ද ඔවුහු චෝදනා කරති.
තෙල් සංස්ථාවේ වංචා පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔවුහු මේ බව සඳහන් කළහ.