මහජන උපයෝගිතා කොමිසම ඇත්තේ දෛනික විදුලි කප්පාදුව කරන වේලාවන් ප්‍රකාශ කිරීමට නොව රටට අඛණ්ඩව විදුලිය ලබාදීමට අවශ්‍ය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීමට යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
එමෙන්ම රුපියල් 200ට ඉන්ධන ලීටරයක් ලබ දීමට එම කොමිසමේ සභාපතිවරයාට හැකි නම් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලෙස තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කියා සිටියේය.
දේශපාලනඥයන් වසර 04-05 කට පත් වුවත් මහජන උපයෝගිතා කොමිසමට නිලධාරීන් පත්වන්නේ දීර්ඝ කාලයකට බවත්, වසර 20 ක් පමණ වන මහජන උපයෝගිතා කොමිසම ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට ගත් පියවර මොනවා දැයි රටට හෙළිකරන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ඇමැති විජේසේකර පැවසීය.
රටට අවශ්‍ය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදීම එම කොමිසමේ වගකීම බවත්, එවැනි ව්‍යාපාති ක්‍රියාත්මක නොකරන ආයතනවලට එරෙහිව කොමිසමක් ලෙස ගෙන තිබෙන පියවරයන් මොනවාද යන්න ප්‍රකාශ කරන ලෙසත් ඇමැතිවරයා ඊයේ (03) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එල්වෙමින් ඉල්ලා සිටියේය.