ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 338ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 373කි.
ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක නව මිල 289ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසටය.
ලංකා IOC පසුගියදා (17) සිය ඉන්ධන මිල ඉහළ දැමුවේ ය.