සිනොෆාම් ස්පුට්නික් දෙවන මාත්‍රාව සූදානම්…..! කිසිදු බියක් ඇති කරගත යුතු නෑ….!

June 12, 2021 at 6:45 pm | by emanisa.lk

සිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මේ වන විට සිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මාත්‍රා ලක්ෂ පහළවමාරක තොගයක් ලැබී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් දැනුම්දෙන දිනයේ දී එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි.

ස්පුට්නික් එන්නත පළමුව ලබාදුන් 15,000ක පිරිස සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ද අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියේ දී එම එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *