සිංහල බෞද්ධ-කතෝලික බහුතර ආණ්ඩුවක් විදිහට හාමුදුරුවන්ට ගරු කරනවා! පළාත් සභා ඡන්දයත් ඒ ආකාරයෙන් ම තබනවා…! – ජොන්ස්ටන්…

December 30, 2020 at 10:51 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණය ඉදිරියේ දී ඒ ආකාරයෙන් ම තැබීමට කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

කොළඹ පැවති උත්සව අවස්ථාවකට එකතු වීමෙන් පසු මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“අපි මේ මොහොත වන විටත් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා. අපි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ සියල්ල නියමිත පරිදි ඒ ආකාරයෙන් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරගෙන යනවා.

ගෞරවනීය මහා සංඝරත්නයෙන් මේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් මතුවී තිබෙනවා. පක්ෂයක් හැටියට අපේ තීරණය නම් නිසි වේලාවට මේ මැතිවරණ සියල්ල පැවැත්විය යුතුයි යන ප්‍රතිපත්තියේ තමයි අපි ඉන්නෙ. ගරුතර මහා සංඝරත්නය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ඇතිව තමයි අපේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ. මහා සංඝරත්නය සහ අපි අතර කිසිම ගැටුම්කාරී තත්වයක් ඇති වෙලා නැහැ.

නමුත් මේ සම්බන්ධයෙන් පෙනී සිටීමට ඔවුනටද අයිතියක් තිබෙනවා. මහා සංඝරත්නය මතයට අපි විරුද්ධ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ අපි වැඩකටයුතු කරන්න ඕනා. අපේ ආණ්ඩුව බහුතර සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්දවලින් බලයට පත් වුණු ආණ්ඩුවක්. ඒක කිසි කෙනෙකුට අභියෝගයට ලක්කරන්න බැහැ. අපි ඒක අභියෝගයට ලක් කරන්නෙත් නැහැ. අදටත් අපි බෞද්ධාගමට සහ ගරුතර සංඝරත්නයට මූලිකත්වය දීලා කටයුතු කරන ආණ්ඩුවක්.

අපි මහා සංඝරත්නය සිරගත කරලා ඔවුන්ගේ ඔලු පළල ඔවුනට ජල බවුසර්වලින් පහර දුන්නු ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. එදා වගේම උන් වහන්සේලා අදත් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. ගරුතර මහා සංඝරත්නයේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වෙද්දි විපක්ෂය පොඩි චූන් එකක් අරගෙන ඉන්නේ. අපි මහා සංඝරත්නය ආරක්ෂා කරනවා. ඔවුන්ගේ අවවාද අනුශාසන අපි පිළිපදිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස