සිංහල දෙමළ ජාන එකිනෙකට සමානයි…! – IScience…

September 3, 2023 at 10:14 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ ජාතිකයින් වෙනත් ඕනෑම දකුණු ආසියානු ජනගහන කණ්ඩායමකට වඩා ජානමය වශයෙන් එකිනෙකාට සමාන බව අධ්‍යයනයකින් සොයාගෙන ඇත.

ඉන්දියානු සහ ශ්‍රී ලංකා DNA විද්‍යාඥයින් විසින් ඒකාබද්ධව සිදු කරන ලද පර්යේෂණයක් මගින් මේ බව අනාවරණය වී ඇති අතර ඊට අදාළ වාර්තාව පසුගිය ජ සඟරාවේ පළ විය.

එහි දී මෙම විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම්වල ඓතිහාසික මූලාරම්භය සහ ඔවුන්ගේ සමාජ අන්තර්ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ජානමය බැඳීම ඇති වී ඇති බවයි.

පර්යේෂකයන් සඳහන් කළේ එහි සැලකිය යුතු සංස්කෘතික හා භාෂාමය වෙනස්කම් තිබියදීත්, මෙම කණ්ඩායම් දෙක වසර සිය ගණනක් පුරා අතීතයේ එකට බැඳී ඇති බවත්ය.

ක්‍රි.පූ. 500 දී පමණ එනම් වසර 2,500 කට පමණ පෙර සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ යන දෙපිරිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ බව මෙම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙන් සිංහලයින් ද ශ්‍රී ලාංකික දෙමළ ජනතාව දකුණු ඉන්දියාවෙන් ද මෙරටට සංක්‍රමණය වී ඇත.

උතුරේ ජීවත් වන දෙමළ ජනතාව තුළ දකුණු ඉන්දියානු ජන කණ්ඩායම්වල ජාන සංරචකවලට වඩා සිංහල සහ මරාට පොදු මූලයන් සහිත ඉහළ බටහිර ජාන සංරචක හමු වූ බව එම පර්යේෂණය මගින් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *