සිංහල ජනතාව ආණ්ඩුවට හමුදාවට එරෙහිව නැඟී සිටිනවා..! රට ෆෙඩරල් කරන්න මේ ස්වර්ණමය අවස්ථාව යොදා ගතයුතුයි…! – ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන්

April 7, 2022 at 9:29 am | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව විරෝධතා සිදුකරන සිංහල ජනතාවට තමා සුබ පතන බව දෙමළ ජාතික මහජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් පවසයි.

සිංහල ජනතාව ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම විරෝධතාවෙහි නිරත වන්නේ ආර්ථික අර්බුදයට එරෙහිව පමණක් නොව ආණ්ඩුව රට පාලනය කරන ආකාරයට එරෙහිව බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

හමුදාව ප්‍රථම වතාවට සිංහල ජනතාවට එරෙහිව කටයුතු කරමින් ඇතැයි ද එම ජනතාව හමුදාව කෙතරම් භයානක දැයි අවබෝධ කරගනිමින් ඇතැයි ද පොන්නම්බලන් අවධාරණය කරයි.

මෙය ස්වර්ණමය අවස්ථාවක් බවත් නව ආරම්භයක් ලබා ගැනීමට එය යොදා ගත යුතු බවත් දෙමළ ජාතික මහජන පෙරමුණු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දෙමළ කතා කරන ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය ලබා දෙන බවත් සිංහල ජනතාව ශ්‍රී ලංකාවේ ෆෙඩරල් පාලනයක් ඇති කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කළේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස