සිංහල අවුරුද්දට කලින් ලංකාවේ සෑම 8 දෙනෙකුගෙන් ම එක් අයෙකුට එන්නත…!

February 28, 2021 at 11:00 am | by emanisa.lk

සිංහල අලුත් අවුරුද්දට පෙර ශ‍්‍රී ලංකාවේ ලක්ෂ 25කට කොරෝනා එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දී අවසන් කරන බව කොවිඩ් මර්දනය පිළිබඳ ජාතික වැඩසටහනේ සභාපති සහ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පවසයි.

ඒ සඳහා අවශ්‍ය ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ගෙන්වීමේ වැඩසටහන මේ වන විට ක‍්‍රියාත්මක බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙහිදී වැඩි අවධානයක් යොමුකරන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර යන බස්නාහිර පළාතේ ප‍්‍රදේශවලට අයත් අවදානම් කලාපවල පදිංචිකරුවන්ට බව පැවසූ ලලිත් වීරතුංග එම කලාපවල පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයනට මෙම එන්නත ලබාදීමට අවශ්‍ය පියවර ගනු ලබන බව ද කීවේ ය.

මේ වනවිට ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගත් කොවිෂීල්ඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 10ක් ලැබී ඇති අතර තවත් මාත‍්‍රා ලක්ෂ 10ක් මාර්තු 15 වැනි දා වන විට ලැබීමට නියමිත බවත් ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන එන්නත් මාත‍්‍රා ලක්ෂ 10ක් ද ලැබීමට නියමිත බවත් ලලිත් වීරතුංග වැඩිදුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *