සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහි දී ආරාධනා කළේය.