වී තොග රැස් කර තබා ගන්නා මෝල් හිමියන්ට ලියාපදිංචි වීම සඳහා ලබා දුන් කාලය ප්‍රමාණවත් නොවන නිසා වී තොග වැටලීම සහ අත්අඩංගුවට ගැනීම් වහා නවතාලිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
වී තොග ලියා ලියාපදිංචිය කඩිමුඩියේ කළ නොහැකි බවත් රට වසාදමා රජයේ කාර්යාල පවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන පසුබිමක එම කටයුතු කරගැනීම අසීරු බවත් එම සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසයි.
මේ නිසා ලියාපදිංචි නොකළ වී තොග අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතු බවත් දිස්ත්‍රික්වවලින් පිටතට වී තොග රැගෙන යාමට පනවා ඇති තහනම ඉවත් කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.