සාරි ලිහා පාසැල් පැමිණි ගුරුවරියන්ට වැඩ වරදී…!

November 22, 2022 at 12:11 pm | by emanisa.lk

පාසල් ගුරුවරියන් සඳහා අනුමත සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) පාසලට පැමිණි ගුරුවරියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩ බලන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශන්ත බණ්ඩාර පවසයි.

අද (22) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් පවසන්නේ සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම් පිළිබඳ නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරියන්ට අදාළ නැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *