සාමකාමී භික්ෂුන්ට පහර දුන්නේ පැලවත්තේ වඩුග හමුදාව… කොස්තාපල් පුඤ්ඤසෝමගේ වඩුග පොලිසිය බකංනිලා හිටියා…! – විමල් වීරවංශ…

November 13, 2026 at 5:52 pm | by emanisa.lk

අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ සාමකාමී සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධයන්ට පහර දුන්නේ චීවරධාරියා සමග පැමිණි පැලවත්තේ වඩුග හමුදාව බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඒ අවස්ථාවේ කොස්තාපල් පුඤ්ඤසෝමගේ වඩුග පොලිසිය ඒ දෙස බලා සිටි බවටද ඔහු චෝදනා කරයි.

එම භික්ෂූන් වහන්සේලා දරන මතයට කිසිවෙකු එකඟ නොවුණද ඔවුන් එය ඉදිරිපත් කළේ සාමකාමීව බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එය තම ආණ්ඩුවට රුචි නොවූ පමණින් සිය මැරයන් කැඳවා පහර දී ලේ සොලවා කටයුතු කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද විමල් වීරවංශ අවධාරණය කරයි.

මෙම ප්‍රහාරයෙන් ප්‍රදර්ශනය කළේ අනුර කුමාරගේ නරුම වඩුග පාලනය ගමන් කරමින් සිටින දිශාව බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *