යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ තිලීපන් පිළිරුව ඉදිකළේ තාවකාලික අවසරයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
මෙම පිළිරුව සඳහා තාවකාලික අවසරය ලබා දී ඇත්තේ යාපනය නගර සභාවේ බලය හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ගේ ITAK පක්ෂය විසින් බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම මෙම ප්‍රතිමාව ඉදිකර උත්සවය සංවිධානය කළේ තිස්ස විහාරය අසල හැම පෝයටම විරෝධතා කරන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ ACTC පක්ෂය විසින් බවද මෙම දෙමළ පක්ෂ අතර දෙමළ ඡන්ද ලබා ගැනීමේ සීතල යුද්ධයක් පවතින බවද අර්චුනා ප්‍රකාශ කරයි.
ජනාධිපති අනුර දිසානායක දකුණෙ ජනතාව රැවටීම සඳහා බෙදුම්වාදයට විරුද්ධ නිසා ප්‍රතිමාව ඉවත් කරන බවක් ප්‍රදර්ශනය කළද සැබවින්ම සිදුවූයේ සැමරුම අවසානයේ ප්‍රතිමාව ඉවත් කිරීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ ආකාරයට දිගින් දිගටම ජනතාව රැවටීමට වඩා අනුරාධපුරේ දුම්රිය ස්ථානයේ හිඟකෑම නම්බුකාර බවද අර්චුනා රාමනාදන් වැඩි දුරටත් පවසයි.
මේ බව සඳහන් කරන්නේ වීඩියෝවක් නිකුත් කරමිනි.