ස්විස් රටට රැගෙන ගිය පුරා වස්තු නැවතත් ලංකාවට…!

June 17, 2023 at 12:09 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ඉංශ්‍රීසි යටත් විජිත පාලන සමයේ දී මෙරටින් රැගෙන ගොස්, ස්විස්ටර්ලන්තයේ Natural History Museum Basel නම් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ආදීවාසි ජනතාවගේ අස්ථි කොටස් සහ ඔවුන් භාවිතා කළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් විවිධ උපකරණ නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් අද (13) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායමක්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව පැවැත්වුහ.

ස්විස්ටර්ලන්තයේ තැන්පත් කර ඇති මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අස්ථි කොටස් සහ ඔවුන් භාවිතා කළ භාණ්ඩ ආරක්ෂාකාරී ලෙස මෙරටට රැගෙනවිත් සංරක්ෂණය කිරීම කළයුතු ආකාරය සහ මෙරට පුරාවිද්‍යා නිලධාරින් සඳහා නව තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *