ස්වාධීන පරිසරවේදී සළුපට අහසට…! නයනක රන්වැල්ලට සමගි බලේ කළුතර සංවිධායක ධුරය…!

April 8, 2021 at 3:06 pm | by emanisa.lk

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ගත් කතුවරයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ පරිසරවේදියෙක් වන නයනක රන්වැල්ල සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කරනු ලැබ තිබේ.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් එම පත්කිරීම සිදුකරනු ලැබීය.

දශක කිහිපයක් තිස්සේ පරිසරය ආශ්‍රිතව සක්‍රීය කාර්‍යභාරයක් ඉටුකර ඇති ඔහු මාධ්‍යවේදියෙක් ලෙස ද පරිසරය පිළිබඳව ප්‍රශස්ත මැදිහත්වීමක් සිදුකර ඇත.

දිවයින, රිවිර වැනි පුවත්පත්වල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලෙස ද, පසුව නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස ද කටයුතු කළේය.

රිවිර ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතෘ ලෙස ද කටයුතු කළ නයනක රන්වැල්ල තම්බපණ්ණි වැනි සඟරා තුළින් පරිසරය සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් කරනු ලැබීය. පරිසරය සංරක්ෂණවේදියෙක් ලෙස හෙතෙම දිගු කලක් තිස්සේ අනවරත අරගලයක යෙදෙමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *