රත්න සහල් ව්‍යාපාරය ලංකා බැංකුව හරහා ඉස්ලාම් බැංකුවෙන් පොළී නොමැතිව රු. බිලියන තුනහමාරක ණයක් ලබා ගෙන ඇතැයි ඇමති වසන්ත සමරසිංහ පවසයි.
එහෙත් ජනතා මුදලින් ණය ලබා ගත් රත්න සහල් ව්‍යාපාරය සතොස ආයතනය ඔස්සේ ජනතාවට සහල් කිලෝ එකක්වත් ලබා දීමට කටයුතු නොකරන බවට ද ඇමතිවරයා චෝදනා කරයි.
මෙම ආයතනයේ අධිපතිවරයා සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව නියෝජනය කළ බව ද වසන්ත සමරසිංහ අනාවරණය කරයි.
සිය ආණ්ඩුව යටතේ ඉදිරියේ දී ණය ලබා දීමේ දී මෙලෙස රජයේ වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදී වැඩි මිලට සහල් විකුණමින් සහල් මාෆියාවක් සැදීම සඳහා කටයුතු කරන ආයතන ගැන තීන්දුවක් ගන්නා බව ද ඔහු අවධාරණය කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඇමැති වසන්ත සමරසිංහ මේ බව කීය.