සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ ප‍්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ අතර පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බව ද පොලිසිය සඳහන් කරයි. මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සහෝදරයින් දෙදෙනාගෙන් අයකු වන ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් විනයභාර ගුරුවරයා ලෙස සේවය කර ඇත්තේ ද මෙම පාසලේ ය.
මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.
නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප‍්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුළ ද ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේ ද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේ. සමාජය තුළ ද එම මතය පතුරුවමින් ක‍්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ විමර්ශනයකින් තහවුරු වීමත් සමග ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය කාලයේ දී මෙම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොල නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.
එසේම මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බව ද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි. පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ ඇති සපත්තු වෙළෙඳ සැලක සැඟවී සිටිය දී පොලිසියට හසු වූයේ රහස් රැසක්ද හෙළි කර ගනිමිනි.